දින දෙකක් සුරා සැල් වහයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන  12 සහ  13 දිනවල වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරා සල් වසා තැබෙන කාලයේදී නීති විරෝධී මත්පැන් වැටලීම් දැඩි කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය.

මේ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ යෙදවෙන බව ඔහු සඳහන් කළේය.

මේ අතර මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව නීති විරෝධී මත්පැන් වලට යොමුවීම වැඩිවන  ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සුරාබදු නිලධාරීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *