දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

තම බිරිඳ ගෙනැවිත් නොදුන්නොත් දරුවන් දෙදෙනා සමග අත් බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ නිවසක කාමරයක් තුළ සිට කුඩා දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය  නියෝග කලාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජයරත්නගේ සංජය සඳකැලුම් ජයරත්න නමැති 38 හැවිරිදි ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.

සැකකරු විසින් සි4 වර්ගයේ අධි බලැති අත් බෝම්බයක් ලග තබා ගැනීම මිනී මැරීමට තැත් කිරීම, මහජනතාව පීඩාවට පත් කිරීම සහ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම යන චෝදනා යටතේ හංවැල්ල පොලිසිය මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

සැකකරු සහ ඔහුගේ බිරිඳ අතර කලක සිට පැවැති අඩ දබර සහ ගහ බැන ගැනීම් මෙන්ම සැකකරු විදෙස් ගතව සිටි සමයේදී බිරිඳ තමන්ට නොදන්වා වෙනත් ස්ථානයකට පදිංචියට යාම සහ තවත් කරුණු නිසාවෙන් ඇයව ඝාතනය කිරීම සදහා පෙරේදා (05) දින සවස එම කාන්තාව පදිංචිව සිටි හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයට පැමිණ අත් බෝම්බයක් රැගෙන ඇයව ඝාතනය කිරීමට යාමේදී එම කාන්තාව විසින් සැකකරු තල්ලුකර දමා පලායාම නිසාවෙන් දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තපා ගනිමින් බිරිඳ ගෙනැවිත් නොදුනහොත් දරුවන් සමග සියදිවි හානි කර ගන්නා බවට පවසමින් මහත් කලබලයක් සිදු කල අතර පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් අනතුරුව දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමටත් සැකකරු අත් අඩංගුවට ගැනීමටත් ඊයේ (06) දින කටයුතු කර තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *