දක්ෂිණ අධිවේග මාර්ගයේ සේවකයින් කොවිඩ් 19 අවදානමක

දක්ෂිණ අධිවේග මාර්ගයේ මත්තල හුවමාරුවේ සේවකයින් පිරිසක් කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින්වීම හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු රථවාහන සූරියවැවෙන් පිටවිය යුතු වේ.

එමෙන්ම සේවකයින් පිරිසකට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ඉමදූව පිවිසුම ද තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන ඇති බව දක්ෂිණ අධිවේග මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *