දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ සිදුවූ රිය අනතුරුවලින් වාහන 10කට හානි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ සිදුවූ රිය අනතුරු තුනකින් වාහන 10කට හානි සිදුව තිබෙනවා.

දොඩංගොඩ කිලෝමීටර් 34 කණුව ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරුවලින් ලොරි රථයකට, සුඛෝපභෝගී බස් රථ 3කට, SUV රථ 3කට සහ මෝටර් රථ 4කට හානි සිදුව තිබෙනවා.

අධිවේගී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ පැත්තේ සිදුවූ තවත් අනතුරක් පරීක්ෂා කිරීම සඳහා එක්වරම කඩාවැටුණු මෝටර් රථයක පිටුපසින් පැමිණි වාහන ගැටී ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *