තොරතුරු තාක්ෂණ ආශ්‍රිත කර්මාන්තවල කාන්තාවන්ට රාත්‍රියේ වැඩ කිරීමට අවසර…

තොරතුරු තාක්ෂණ ආශ්‍රිත කර්මාන්තවල නියැලෙන කාන්තාවන්ට රාත්‍රී සේවා මුරය සඳහා අවස්ථාව සැලසීම සඳහා සාප්පු සහ කාර්යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබේ.

ඊට අදාළ යෝජනාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

එමගින් තොරතුරු තාක්ෂණ ආශ්‍රිත කර්මාන්තවල සිටින කාන්තාවන්ට විදේශ රටවල කාල කලාපයට අනුව වැඩ කිරීමට හැකිවන පරිදි සාප්පු සහ කාර්යාල පනත සංශෝධනය කෙරේ.

මෙම සංශෝධන මගින් තොරතුරු තාක්ෂණ ආශ්‍රිත කර්මාන්තවල වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට පෙරවරු 06.00ට පෙර සහ සවස 06.00ට පසුව සේවය කිරීමට අවස්ථාව සැලසෙන අතර එය මීට පෙර සාප්පු සහ කාර්යාල පනත මගින් වළක්වා තිබුණි.

මීට පෙර, අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට ගුවන් තොටුපළ සේවා සහ හෝටල් වැනි ඇතැම් කර්මාන්තවල සේවය කිරීමට අවසර තිබුණේ රාත්‍රී 08.00 දක්වා පමණි.

කාන්තාවන්ට රාත්‍රී කාලයේ වැඩ කිරීමට බාධාවක් වන සියලුම රෙගුලාසි ඉවත් කර ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමට කම්කරු අමාත්‍යවරයා බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *