තෙල් පෝලිම්වල අයිතිකරුවන් නැති යතුරු පැදි…

බේරුවල අයි.ඕ.සීඉන්ධන හලේ රාජකාරි කටයුතුවලට බාධා වන ලෙස ගාල් කර දමාගොස් තිබූ අයිතිකරුවන් නොහඳුනන යතුරුපැදි දහයක් බේරුවල පොලීසිය අත්අඩංගුවට ගත් බව කියයි.

රුපියල් ලක්ෂ 85 කට වැඩි වටිනාකමකින් යුතු මෙම යතුරුපැදි වල අයිතිකරුවන් හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

ඉන්ධනහල් කළමනාකරු බේරුවල පොලිසියට කළ පැමිණිල්ල මත අනන්‍යතාවය නොමැතිමෙම යතුරු පැදි අත්අඩංගුවට ගෙන බේරුවල පොලිස් භාරයේ තිබෙන බවත් මෙම යතුරු පැදි වල හිමිකරුවන් අනන්‍යතාවය තහවුරු කළ හැකි ලිපි ලේඛන සමග බේරුවල පොලිසිය පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *