තුන්වන මාත‍්‍රාවෙන් පසු හතරවන මාත‍්‍රාවක් ලබාදීමේ බලාපොරොත්තුවක්

ඇතැම් පිරිසකට තුන්වන එන්නත් මාත‍්‍රාවෙන් මාසයකට පසුව තවත් එන්නත් මාත්‍රාවක් ලබා දීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

විදේශ රටවල ඇති නීති රීති අනුව සමහර එන්නත් වර්ග පිළි නොගන්නා බවත් සයිනොෆාම් එන්නත ඇතැම් රටවල් පිළි නොගත් අවස්ථා ඇති බව හෙතෙම පැවසීය.

ඒ හේතුවෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් සහ ෆයිසර් එන්නතක් ලබා ගත් අයට මාසයකට පසුව ෆයසර් තවත් මාතාවක් ලබා දීමට සිදුවන බව ද ඔහු පැවසීය.

මෙය විශේෂිත අවස්ථාවන් සඳහා පමණක් ඔවුන් විදේශගත වන්නේ යයි සාධක සහිතව ඔප්පු කළ හැකි නම් ඒ සඳහා අවස්ථාව ලබා දිය හැකි බවත් ඔහු කීය.

කෙසේ වුවත් පොදුවේ ජනතාව සඳහා හතරවන මාත්‍රාවක් ලබා දීම ගැන මෙතෙක් සාකච්ඡා නොවන බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *