තැපැල් සේවකයෝ අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ වෙයි

තැපැල් සේවකයින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කරන්නේ තැපැල් සේවයට නව සේවකයින් බඳවා ගන්නා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (31) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 24ක කාලයක් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක වන බවයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තර බණ්ඩාර මහතා පවසා සිටින්නේ නිවාඩු අවලංගු කළ ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *