තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා

තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා  මේ ආණ්ඩුවේ සිටින බව සමගි  ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්  රහුමාන් මහතා පැවසීය

තාජුදීන්ගේ ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට  පොලිසිය අතර කෙරුණු  දුරකථන සංවාද හතළිහකට  අදාල  වාර්තාව දුරකතන සමාගමක   ප්‍රධානීන් හැංගූ බව කී මන්ත්‍රීවරයා එදා  පාලකයන්ට  හිතවත්ව සිටි ඒ දුරකථන සමාගම් ලොක්කන්   දැන් ජනාධිපතිතුමා ළඟත් සිටින බව ප්‍රකාශ කළේය.

පාස්කු  ඉරුදින  ප්‍රහාරයට අදාළව විශ්වාසභංග යෝජනාවක්වත් ගේන්නවත්  මේ ආණ්ඩුව ඉඩ නොදෙන බව රහුමාන් මහතා පැවසීය

හෙතෙම මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *