ජනගහන අරමුදලෙන් වෛද්‍ය උපකරණ

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල බාර නිලධාරී  ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරුන් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැළසුම් සහ අභියෝගයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් මහත්වරුන් අතර අදහස් හුවමාරු විය.

එහිදී මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහාය දැක්වීම මෙන්ම එම සේවා සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාර්ථකත්වයට පත් කිරීම උදෙසා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම ලිංගික අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද  සාකච්ඡා සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *