තවත් යුක්රේන සංචාරකයින් පිරිසක් ගුවන් යානා දෙකකින් මෙරටට

ගුවන්යානා දෙකකින් යුක්රේන සංචාරකයින් 320 දෙනකු මත්තල ගුවන් තොටුපලින් මෙරටට පැමිණ ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි 14 වන සහ 15 වන යුක්රේන සංචාරක කණ්ඩායමයි

ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555 ගුවන් යානයෙන් හා යුක්රේන ජාතික ගුවන් සේවයේ පීඑස් 6385 දරණ ගුවන් යානා මගින් අද (2) පස්වරුවේ මෙම පිරිස මත්තල ගුවන් තොටුපළට පැමිණ තිබේ.

මින් පෙර පැමිණි සංචාරකයින්ගෙන් 353 දෙනෙකුද නැවත පැමිණි ගුවන් යානා වලින්ම නැවත යුක්රේනය බලා පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *