තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරීන් වසම් 11 ක් අද අලුයම හයේ සිට හුදකලා කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ,

කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙණිය නැගෙනහිර, සූරියපාලුව දකුණ සහ උතුර, පහළ කරගහමුණ උතුර, ඉහළ කරගහමුණ උතුර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මීට අමතරව කළුතර, අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර සහ මතුගම පොලිස් බලප්‍රදේශයේ යටියන බටහිර, පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර සහ නිවුන්ගම යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන හයේ සිට හුදකලා කෙරිණි.

මේ අතර කළුතර, බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ ඉගුරුදළුව, පැලවත්ත නැගෙනහිර, මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත සහ පහල හෙවැස්ස යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ තුළ කොරෝනා ආසාදිතයින් 1,895 දෙනෙකු වාර්තා වුණු අතර ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *