තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 09 ක් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර ඇත.

එම ග්‍රාම නිලධාරී වසම් මෙසේ දැක්වේ,

* කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ – විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසම

* කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ -බෝම්ඹුවල ග්‍රාම නිලධාරී වසම

* ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ – ඇල්දෙණිය – පල්ලිය පටුමග ග්‍රාම නිලධාරී වසම – රණවිරු ධර්මසිරි මාවත ග්‍රාම නිලධාරී වසම

* රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ – ගඟුල්විටිය ග්‍රාම නිලධාරී වසම රක්වාන පොලිස් බල ප්‍රදේශයේ – පොතුපිටිය උතුර කලවාන පොලිස් බල ප්‍රදේශයේ – හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම

* නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ – ඉන්ජස්ටිර් ග්‍රාම නිලධාරී වසම හැටන් පොලිස් බල ප්‍රදේශයේ – ෆෝඩයිස් වත්ත ග්‍රාම නිලධාරී වසම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *