තවත් ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

මේ සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (17) ජාතික නිවාස අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවය.

හෙට (18) නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා (19) දිනයේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

මේ අතර හෙට රැස්වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම මේ සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබේ.

අද සහ එළඹෙන 20 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *