තඹුත්තේගම ප්‍රදේශයෙන් හය හැවිරිදි දරුවෙකුගේ ශෝකජනක මරණයක් වාර්තා වේ

තඹුත්තේගම ප්‍රදේශයේදී විශාල යකඩ ගේට්ටුවක් කඩා වැටීමෙන් හය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ මෙම දරුවා සිය මව සමඟ ගුරු නිවසට පැමිණි අවස්ථාවේදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ, මව විසින් ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ කිරීමේදී එක්වරම දරුවා මතට ​​ගේට්ටුව කඩා වැටී ඇති බවයි.

දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇතත් කුඩා දැරිය ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *