තමන් ගත් අසීරුම තීරණය ජනපති හෙළි කරයි

තමාගේ ජීවිතයේ මෙතෙක් ගත් දුෂ්කරම සහ වේදනාකාරීම තීරණය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන බව අද දෙරණ වාර්තා කරයි.

තමන් එවැනි තීරණයක් ගත්තේ ජාතිය ගැන සිතා බවද ජනාධිපතිවරයා පැවසීය.

යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ එය තම පූර්ණ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බව වාර්තා වේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියා.

මෙම හමුවේදී අධිකරණ අමාත්‍ය මහාචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කණ්ඩායම දැනුවත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *