ප්‍රේමදාස

ණය අර්බුදය කළමනාකරණය කිරීමට විපක්ෂ නායක චීනයේ සහය පතයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වූ බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

“අද මම ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සමඟ ඵලදායී සංවාදයක් පැවැත්වූවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින් දෙරට අතර මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම මම අවධාරණය කළෙමි.”ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරන සුහද ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රටේ ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ණය අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටි බව වාර්ථා වන අතර දෙරට අතර දිගු කාලීන සබඳතාව සිහිපත් කළ චීන තානාපතිවරයා එහි වැදගත්කම ද අවධාරණය කළ බව වාර්ථා වේ.

චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තානාපති Qi Zhenhong සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය පක්ෂ හා පක්ෂ හා ජනතාව අතර මිත්රශීලී හුවමාරුව සහ චීනය සහ ලංකාව අතර විවිධ ක්ෂේත්රයන්හි ප්රායෝගික සහයෝගීතාව පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *