ඩොලර් නැති නිසා ලංකාවට වෙන්න යන දේ

ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සංචිතය ලබා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වූවහොත් ලබන වසරේ මැද භාගය පමණ වන විට විරැකියාව වැඩිවී අර්බුද රැසක් නිර්මාණය වන බව එක්සත් ජාතික පක්ෂ නායන, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවය.

“අද ශ්‍රී ලංකාව විදේශ විනිමය ආර්ථික අර්බුදයකට හිරවෙලා ඉන්නේ. අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400යි. අවුරුද්ද මැද බැඳුම්කර ණය බේරුවාම එතනින් ඩොලර් කෝටි 100ක් අඩුවෙනවා. තෙල් සංස්ථාව නොගෙව්ව බිල්පත් වටිනාකම ඩොලර් කෝටි 130යි. අද අපේ වාණිජ බැංකුවල ඩොලර් නෑ. බැංකු ණය වෙලා. ඒ සංඛ්‍යා ලේඛණ පිටකරලා නෑ. අපිට ආනයන සිදුකරන්න මුදල් නෑ. එතනින් තමයි අර්බුදය එන්නේ. ඒ නිසා සීමා කරනවා. පොහොර ගේන්න මුදල් නෑ. ඒකයි කියන්නේ කාබනික පොහොර ගන්න කියලා. වරායේ තෙල් නැවක් තියෙනවා. ගෙවන්න දැන් ඩොලර් හොයනවා. එන්නත 30ට වැඩි අයට සීමා කරලා තියෙන්නේ හැම කෙනෙකුටම එන්නත් ගේන්න සල්ලි නැති නිසා. අපි කිව්වට කොහෙන්වත් මුදල් ලැබුන් නෑ. හැබැයි ඩොලර් කෝටි 80ක් ළඟදී අපිට පිනට ලැබෙනවා. මම යෝජනා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා මීළඟ වසර 2ක 3ට අවශ්‍ය මුදල් ලබා ගන්න කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබුණාම අපිට ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවලිනුත් අපිට මුදල් ලබාගන්න පුළුවන්. නැතිනම් එන අවුරුද්ද මැද වෙනකොට අපේ විරැකියාව වැඩි වෙනවා. බඩගින්න වැඩි වෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *