ඩෙල්ටා ආසාදිත පාසල් දරුවෙක්

කොවිඩ් -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පාසල් සිසුවෙක් පළමු වරට මෙරටින් හඳුනාගෙන තිබේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස හඳුනාගෙන ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කර තිබුණේ මෙරටින් කොවිඩ් -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 68 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *