ඩුබායි බලා පියාසර කරමින් සිටි මගීන් 5 දෙනෙකුගෙන් විශාල විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදේශ මුදල් ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ රුපියල් මිලියන 25කට ආසන්න විදේශ මුදල් තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සැකකරුවන් සතුව තිබී අමෙරිකානු ඩොලර් 95,000ක්, යුරෝ 18,000ක් සහ සෞදි රියාල් 37,000ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *