ඩී වී චානකගේ මාමණ්ඩිය ඝාතනය – සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැ

ගාල්ල ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙකු වූ රාජ්‍ය අමාත්‍ය D.V චානකගේ මාමණ්ඩිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

ගාල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැලක් හිමි 61 හැවිරිදි ව්‍යවසායක ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ඊයේ ගාල්ල ඩික්සන් පාර ඔස්සේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කර තිබේ.

ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

රියදුරු අසුනේ අසුන්ගෙන සිටියදී ප්‍රහාරකයින් වට කිහිපයක් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *