ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය දූෂණ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියක් යවයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) විසින් රට තුළ ඇනහිට ඇති මහා දූෂණ සිද්ධීන් දෙකක් නැවත පණ ගැන්විය යුතු බව පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ග සොයා බලන ලෙස එම ලිපියෙන් TISL ආයතනය BASL ආයතනයෙන් ඉල්ලා ඇත.

එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට හෝ නීතිමය ක්‍රියාමාර්ග පණ ගැන්වීමට නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාගෙන් විමසීම ඇතුළු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස TISL ආයතනය BASL ආයතනයෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *