ජීවන් කුමාරණතුංග ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති සහ කඩුවෙල සංවිධායක ජීවන් කුමාරණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

කුමාරතුංග කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයේ ප්‍රතිපත්ති අමතක වී ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමාට පැවරී ඇති සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජීවන් කුමාරණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

“මම වසර 35කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වැඩ කළා. කෙසේ වෙතත් අද මට කණගාටුදායක තීරණයක් ගැනීමට සිදුව ඇත. පක්‍ෂයේ මා දරන සියලුම තනතුරුවලින් ඉවත් වීමට මම තීරණය කර තිබෙනවා. මම මේ සම්බන්ධයෙන් පක්‍ෂ ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා” යැයි ඔහු අද මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

නව ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීම හරහා තමන් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සූදානම් වන බවයි එම දේශපාලනඥයා අනාවරණ කළේ.

ඊට අදාළ සියලු මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව ජීවන් කුමාරණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *