ජාතිවාදය හා වහබ්වාදය වපුරන මද්‍රසා පාසැල් තහනම් කිරීමට පියවර

වහාබ්වාදය සහ මුස්ලිම් අන්තවාදය දරුවන්ට ඉගැන්වීමට සදහා රට පුරා පිහිටුවා ඇති 2000ට ආසන්න මද්‍රසා පාසල් පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකර ඇති බවත් මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පවසා සිටින්නේ වහාබ්වාදය, ඉස්ලාමිය අන්තවාදය ඉගැන්වීම සඳහා ස්ථාපිත කර ඇති මෙම මද්‍රසා පාසල් තහනම් කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන ඇති බවයි.

ජාතිවාදය, වාහබ්වාදය වැනි අන්තවාදී අදහස් උගන්වන පාසල් පැවතුනහොත් ඉදිරියේදී රටේ ජාතිවාදී කලබල ඇතිවීමට ඉඩ ඇති අතර ජාතීන් අතර විශාල අසමගියක් ඇතිවීමට ඉඩ ඇති බවත් පවසන ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ මෙවැනි පාසල් රටේ නොතිබිය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *