ජාතික හැදුනුම්පත් එක් දින සේවාව යළිත්

කොරෝනා ව්‍යාප්තියත් සමගම තාවකාලිකව නවතා දමා තිබූ ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ එක්දින සේවාව යළි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු තම ජාතික හැදුනුම්පත ලබාගැනීමට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණෙන්නේ නම් ඒ සදහා දිනයක් හා අංකයක් වෙන් කර ගැනීම අනිවාර්යය බවයි ප්‍රකාශ කර ඇතිතේ. සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට යොමුවීමෙන් හා 0115226126 හෝ 0115226100 යන දුරකතන අංක ඇමතීමෙන් එම සේවාව ලබාගත හැකිවේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ සාමාන්‍ය සේවය යටතේ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට අපේක්‍ෂා කරන පුද්ගලයන්ට තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට යොමු කළ හැකි බවයි. එම ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුවට ලැබීමෙන් අනතුරුව ජාතික හැදුනුම්පත් මුද්‍රණය කර ලියාපදිංචි තැපෑල හරහා ඉල්ලුම්කරු වෙත යැවීම සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *