ජාතික සත්වෝද්‍යාන සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ පත් කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඇය ඔක්තෝබර් 28 වැනිදා වැඩ භාර ගැනීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇය මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වීමෙන් පසු ඇය පත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *