ජාතික පාසල්වලට ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවයි.

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා ලිපි නිකුත් කිරීම අද සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් නිවාඩුව අවසානයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසු ජනතාව දැනුවත් කරන බව අමාත්‍යාංශ නිලධාරීහු පවසති.

නව අමාත්‍යවරයා පත්කිරීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයත අද වැඩ භාර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *