ජාතික ගීය සිංහලෙන් පමණයි

ලබන 4 වැනිදා පැවැත්වෙන 73 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නිදහස් දින උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේ පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ 73 වැනි ජාතික නිදහස් දින සැමරුම නැරඹීමට මහජනතාවට අවසර හිමි නොවන බවත්, එම උත්සවයට සහභාගී වන සියලූ භට පිරිස් පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කර ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *