ජපන් ආපදා විශේෂඥයෝ සුව ලේකම් හමු වෙති

ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමේ ප්‍රධානීහු ඇතුළු කණ්ඩායමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම අමාත්‍යාංශයේ   හමු වූහ.

සති දෙකකට ආසන්න කාලයක් මෙරට රැදී සිටි මෙම කණ්ඩායම හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කල තාවකාලික විශේෂ ක්ෂේත්‍ර රෝහලක සිට හලාවත සහ අවට ප්‍රදේශවල විශාල ජනතාවකට සුව සත්කාර සේවා සපයනු ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අදහස් දක්වමින් මෙරට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහන සත්කාර සිදුකිරීම සදහා පැමිණි පළමු හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම රටට විශිෂ්ට සුව සේවාවක් ලබා දුන් බව කීය.

ඉකුත් තුන් වෙනිදා මෙරටට පැමිණි ඔවුන් අද(15) රාත්‍රී නැවත ජපානයට යාමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *