ජනාධිපති මන්දිරයේ ඉහල මාලය කඩා වැටීමේ අවදානමක…

අරගල කරුවන් විසින් අත්පත් කරගෙන සිටින කොටුව ජනාධිපති මන්දිරයේ ඉහත මාලයේ සොල්දරය කඩා වැටීමේ අවදානමකට පත්ව තිබේ.

අරගලකරුවන් අල්ලා ගැනීමෙන් පසු එහි විශාල පිරිසක් ගමන් කිරීම හේතුවෙන් මෙම අවධානමට පත්ව ඇත.

සොල්දරයට නගින ලී තරප්පු පෙළේ ද කොටස් කැඩීගොස් තිබේ.

මේ හේතුවෙන් අරගලකරුවන් විසින්ම එම මාලයට ඇතුළුවීම තහනම් යනුවෙන් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබේ.

මන්දිරය පරීක්‍ුෂා කරන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලද්දේ පෞරාණික භාණ්ඩ රැසකට හානි සිදුව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *