ජනාධිපති

ජනාධිපති කොමිසමක කාලය දීර්ඝ කෙරේ

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

2015 ජනවාරි මාසයේදී හෝ අගෝස්තු මාසයේදී පැවති ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට පෙර නිලතල දැරූ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන් හි සහ පොලිස් සේවයේ සාමාජිකයින්ට සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා අදාළ කොමිෂන් සභාව පත් කර තිබුණි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි මස 28 වනදා සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබීය.

මාස 3 ක කාලයක් සඳහා පත් කළ එම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6 ක් සඳහා දීර්ඝ කෙරුණු අතර එම කාලසීමාව ඊයේ (29) දිනයෙන් අවසන් වුණි.

කෙසේවෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන්  සභාවේ කාලය ලබන වසරේ අප්‍රේල් මස 28 වනදා දක්වා මාස 6 ක කාලයක් සඳහා දීර්ඝ කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *