ජනාධිපති අතින් අද විවෘත වන අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව

අතිනවීන තාක්ෂණය හා පහසුකම් සමගින් යුරෝපීය තාක්ෂණය එක්තැන් කරමින් ඉදිවූ, අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව බවට පත්වනු ඇති බවට සැලකෙන රිජිඩ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.

මෙම කර්මාන්තශාලාව ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප‍්‍රතිඵලයක් ලෙස ඉදිවුණු අතර ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමකින් සිදු කෙරෙන ප‍්‍රථම අදියරේ ඉදිකිරීම් මේ වන විට සම්පූර්ණ වී තිබේ. මෙම කර්මාන්තශාලාවේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු 2022 මාර්තු මාසය වන විට අවසන් වීමට නියමිත වේ.

පහසුකම් සැපයීම අතින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දායකත්වය සපයා ඇති, පුළුල් නිෂ්පාදන ධාරිතාවක් සහිත, අපනයනය ඉලක්ක කරගත් දියුණු යුරෝපීය තාක්ෂණයන් එක්තැන් කරමින් ඉදිවූ ප‍්‍රථම හා එකම කර්මාන්තශාලාව ලෙස රිජිඩ් ටයර් කර්මාන්තශාලාව සැලකේ.

මගී මෝටර් රථ, මෝටර්සයිකල්, ත‍්‍රිරෝද රථ, ට‍්‍රක් රථ හා බස් රථ සඳහා වන ටයර්ද, බර වාහන ටයර් නිෂ්පාදනය කිරීමට නියමිත මෙම කර්මාන්තශාලාව රටේ අපනයන ක්‍ෂේත‍්‍රය පුළුල් කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකවනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *