ජනාධිපතිවරයා හදිසියේ ඉල්ලා අස් නොවිය යුතු බව අධිකරණ ඇමති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ ඉල්ලා අස් වුවහොත් ඇතිවිය හැකි තත්ත්වයක් පිළිබඳව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

“ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා කියනවා. ඒ ප්‍රශ්නය විසඳුනොත් මීළඟ ප්‍රශ්නය මොකක්ද? ඔහු ඉල්ලා අස් වුවහොත් කුමක් සිදුවේද? අද පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබේ. පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවත් වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් බැසිල් රාජපක්ෂ මහතාට ජනාධිපති වීමේ හැකියාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *