ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා හමුවෙයි.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ආර්ථික, සමාජීය සහ සමුද්‍රීය අංශවල ප්‍රගතියට සහාය දෙන බවට සහතික වෙයි…
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ සමුද්‍රීය ක්ෂේත්‍රවල ප්‍රගතිය සඳහා තම රට සහාය දෙන බවයි.

මහ කොමසාරිස් හොලි මේ බව අනාවරණය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කොළඹ ජනාධිපති මන්දිරයේ ඊයේ පැවැති හමුවකදීය.

ශ්‍රී ලංකාවේ පවතින අභියෝගාත්මකම ආර්ථික අර්බුදය ඔස්ට්‍රේලියාව හොඳින් දනී.

තනි රටක් ශ්‍රී ලංකාවට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල ලෙස ඔස්ට්‍රේලියාව ඩොලර් මිලියන 50ක් පිරිනැමුවා. මෙය ආරම්භය පමණක් බව ද සඳහන් කළ ඔහු අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

සමුද්‍රීය ගැටලු සහ නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අවබෝධය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් සාකච්ඡා කෙරිණි. එම

ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

දෙරට අතර පසුගිය වසර 75 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ දැක්වූ සමීප සහයෝගීතාවය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *