ජනපති රනිල් IMF නියෝජිතයන් හමුවෙයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික වටයේ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය පිළිබඳව සාකච්ඡා කෙරේ.

26 වැනි සිකුරාදා තවත් සාකච්ඡාවක් පැවැත්වීමටත් ඉදිරියේදී මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් එහිදී වැඩිදුරටත් තීරණය විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩලයේ ප්‍රධානී පීටර් බෲවර්, නියෝජ්‍ය ප්‍රධානී මසාහිරෝ නොසාකි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත Tubagus Feridhanusetyawan, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *