ජනපති චමරිට සුබ පතයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් එක්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ ලද විශිෂ්ට ජයග්‍රහණය සමග ජනාධිපතිවරයා පෞද්ගලිකව චමරි අතපත්තු වෙත සුබපැතුම් එක්කළ බවය.

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි.

ඒ අවසන් එක්දින තරගයේ හිමිවූ ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කය හඹාගොස් ජය ගැනීමත් සමගය.

ඒ අතර එම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් වාර්තා කිරීමද විශේෂත්වයකි.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 301කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *