ජනපති ඇමෙරිකානු තානාපති හමුවෙයි

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබේ.

ජුලී චුන්ග් මහත්මිය 30 කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සබඳතාව ශක්තිමත් පදනමකින් පවත්වාගෙන යාමට ඇමරිකා එක්සත් ජනපදයේ සහය ලබාදෙන බවට ඉහළ පෙළේ එක්සත් ජනපද නියෝජිත පිරිසක් සහතික විය. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීමට පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකාවට ලබාදුන් සහය සහ එහි මානුෂීය සහය පිළිබඳව ජනාධිපතිතුමා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය තමාට අවබෝධ වී ඇති බවත්, ඉක්මන් සුවයක් සිදුවනු ඇති බවට විශ්වාසය පළ කරන බවත් ජූලි චුන්ග් මහත්මිය ජනාධිපතිවරයා සමඟ ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *