ජනපතිගේ උපන්දිනය හේතුවෙන් “ගෝඨාගෝගම” විරෝධතාව තවත් තීව්‍ර වෙයි.

ලෝටස් පාරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතිරි පිවිසුම් 2 අවහිර කරමින් “ගෝඨාගොගම” විරෝධතාකරුවන් කූඩාරම් ඉදිකර ඇති බව පොලිසිය පවසයි.

මේ සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් තුනම මේ වන විට අවහිර වී තිබේ.

අදට යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 73 වැනි ජන්ම දිනය ඉලක්ක කර ගනිමින් මෙම විරෝධතා උත්සන්න වී තිබේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය අද පස්වරුවේ කොළඹදී විශාල විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *