‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව  මැයි දින රැළියේදී  සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති කරනවා. ඒ සදහා සියල්ල සූදානම් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පැවසීය.

රට රකින ජන පවුර ” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට එක් වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසිය. ගම්පහ නගර සභා පිටියේ දී  මෙම රැස්වීම පැවැත්විණි.

අද දේශපාලඥයන්ගේ දිනය නොවේ වැඩ කරන ජනතාවගේ දවසයි . ඇවිත් ඉන්නේ පක්ෂය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ජීවිතය පුද කරන්න කැමති පිරිසක්. පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගියාම වැරදියි විජේදාස රාජපක්ෂ අපි ගත්ත එක හරිද අහනවා. එතුමා ආවේ ඇමතිකම් බල්ලට දාලයි. ජනතාව ඉන්නේ අපි එක්කයි. අපි අලුත් වැඩපිළිවෙළකට යන්න ඕන. ඒකට අපි අද මුල්ගල තිබ්බා . ඕන කෙනෙක් ඕන කෙනකුට හේත්තු වෙන්න පුලුවන් ඒ වුණාට පක්ෂය එක එක් කෙනාට ඕන විදියට හේත්තු කරන්න දෙන්න බැහැ.

අද පක්ෂය බාර දිය යුත්තේ කාටද ඉවත දැමිය යුත්තේ කවුද කියා ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. දූගි භාවය තුරන් කරන වැඩ පිළිවෙළ අපි හදලා ඉවරයි. ඉදිරි මැතිවරණය දිනන්න පුළුල් ශක්තිමත් වැඩ පිළිවෙලක් හදනවා. ජනතාවගේ අමාරුකම් අත්දැකීමෙන් දන්නවා. සුඛිත මුදිත රටක් හදන්න ජනතාව ඉන්නේ පක්ෂය එක්කයි කියන එක අද මෙි රැළියෙන් පෙන්නුම් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *