ජනතාව ඇදිරි නීතියට සූදානම් වෙති.

රජය විසින් (02) දින පස්වරු 6 සිට ලබන (04) දින උදැසන 6 දක්වා ඇදිරි නිතිය පැනවිමත් සමග කලබලයට පත් වතුකරයේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිම සදහා වතුකරයේ ප්‍රධාන නගර වලට පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කිරිමත් සමග පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කල වෙලදුන් දැඩි අසිරුතාවයට පත් වි ඇති අතර , ප්‍රධාන වෙලදසැල් වසා දමන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

රජය මගින් ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කලද පොලිස් මුලස්ථානය විසින් මේ වන තෙක් තමන්ට ඒ පිලිබදව දැනුම් දිමක් හෝ උපදෙස් කිසිවක් නොලැබුණු බව පොලිස් නිලධාරි කියා සිටිහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *