ජනතාවට තවත් සහන ඉදිරියේදී ලබා දෙන බව අමාත්‍ය බැසිල් පවසයි…

පවතින අර්බුදකාරී තත්වය ඉක්මනින් සමනය කොට ජනතාවට තවදුරටත් සහන ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව රජයේ ක්‍රියාකලාපය නොවන බව ද හෙතෙම පැවසීය.

ඉන්ධන ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ඇතිව තිබෙන අර්බුදයන් මෙරට පාලනය විසින් ඇතිකල දෙයක් නොවන බවත් කාලයෙන් කාලයකට ලෝක තත්ත්වයන් මත අර්බුද හට ගන්නා බැවින් ඊට අපේ රටට ද මුහුණ දීමට සිදු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කොරෝනා වසංගතය මෙන්ම යුක්රේනය සහ රුසියාව යුධ අර්බුදය ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇතැයි ද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ මහාධිකරණය වෙත පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රට තුළ පවතින අර්බුදයට කඩිනම් විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ වෙන විටත් පියවර ගෙන ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *