ඡන්ද පැමිණිලි දහස පනී

ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ගත වූ පැය 24 තුළ පමණක් මැතිවරණ පැමිණිලි 127 ක් ලැබී ඇති බවත් කොමිෂම පවසයි.

ඉකුත් ජූලි 31 දා සිට මේ දක්වා ලැබී ඇති සමස්ථ මැතිවරණ පැමිණිලිවලින්1006 ක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් බවත් සදහන් කරන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 42 ක් ද ලැබී ඇති බවත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *