චීන ආධාර ලෙස ලබාදෙන පළමු ඖෂධ තොගය හෙට…

චීනයේ ප්‍රදානයක් යටතේ නිකුත් කරන ලද පළමු ඖෂධ තොගය හෙට (03) ශ්‍රී ලංකාවට පැමිණේ.

කොළඹ චීන තානාපති කාර්යාලය පැවසුවේ RMB මිලියන 10 ක් වටිනා ජීවිතාරක්ෂක එනොක්සපරින් සෝඩියම් එන්නත් සිරින්ජ 512,640 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බවයි.

“ජීවිතාරක්ෂක එනොක්සපරින් සෝඩියම් එන්නත් සිරින්ජ 512,640 න් 256,320 ක් පළමු තොගය හෙට මධ්‍යම රාත්‍රියේ පැමිණෙන බව තානාපති කාර්යාලය පවසයි.

චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ පළමු ඖෂධ තොගය චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන RMB මිලියන 500 ක ප්‍රදානයේ කොටසක් බවයි.

“චීනයේ ඖෂධ තොග දෙකක් හරහා ලබා දෙනු ඇත,” තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *