චීනය ශ්‍රී ලංකාවට සිය අඛණ්ඩ සහයෝගය යළි තහවුරු කරයි.

වත්මන් අර්බුදය තුළ චීනය ශ්‍රී ලංකාවට ප්‍රදාන, වෙළඳාම සහ ආයෝජන ඇතුළු අඛණ්ඩ සහ ස්ථිර සහය නැවත තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ කල් පිරුණු ණය නිසි ලෙස හැසිරවීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට චීන බැංකු ද සූදානම් බවයි.

“ජූනි 14 දින, තානාපති Qi Zhenhong අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී වත්මන් අර්බුදය තුළ ශ්‍රී ලංකාවට ප්‍රදාන, වෙළඳාම සහ ආයෝජන ඇතුළුව චීනයේ අඛණ්ඩ සහ ස්ථිර සහයෝගය යළි තහවුරු කළේය. කල් පිරුණු ණය නිසි ලෙස හැසිරවීමට ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට චීන බැංකු ද සූදානම්” තානාපති කාර්යාලය ට්වීට් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *