චීනය නව භූ කම්පන මධ්‍යස්ථානයක් පරිත්‍යාග කරයි

තවත් අංගසම්පූර්ණ භූ කම්පන මධ්‍යස්ථාන තුනක් ලබාදීමට චීන රජය ප්‍රතිඥා දී ඇති අතර ඉන් එකක් බස්නාහිර සහ වයඹ පළාත් මායිම්වල ස්ථාපිත කිරීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය පවසයි.

අපේ රටේ පල්ලෙකැලේ, බුද්ධංගල, මහකනදරාව සහ හක්මන යන ප්‍රදේශවල භූ කම්පන මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

චීනය විසින් පරිත්‍යාග කිරීමට නියමිත නව භූ කම්පන මධ්‍යස්ථාන තුන එකතු කිරීමත් සමඟ මුළු භූමිකම්පා මධ්‍යස්ථාන හතක් ඇති වේ.

“භූමිකම්පා අපට තවමත් අලුත් අත්දැකීමක්. 2004 සුනාමියෙන් පසු මෑත කාලයේ අපේ රට තවමත් දරුණු භූමිකම්පාවකට ගොදුරු වී නැත. නමුත් අනාගතයේදී භූමිකම්පාවක් සිදු නොවන බවට සහතිකයක් නොමැත. ආරක්‍ෂක පියවරක් ලෙස භූ කම්පන අධ්‍යයනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය බව අමාත්‍ය අමරවීර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *