චැනල් ෆෝ නාලිකාවට රාජපක්ෂලා සමඟ ඓතිහාසික එදිරිවාදිකමක් තිබේ: නාමල්

2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාලිකාවට රාජපක්ෂවරුන් සමඟ ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චැනල් 4 නාලිකාව විසින් නිකුත් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වීඩියෝ පටය නිෂ්පාදනය කිරීමේදී විශ්වසනීයත්වයක් තිබේ නම් එය ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඉවත් කළේ මන්දැයි අද ප්‍රශ්න කළේය.

චැනල් 4 නාලිකාවේ නවතම වීඩියෝ පටය ත්‍රස්තවාදීන් තුරන් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට හෝ කාගේ හෝ දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමේ තවත් උත්සාහයක් විය හැකි බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

“2009 යුද්ධය අවසන් කළාට පස්සේ චැනල් 4 ට මගේ පවුලත්, මගේ තාත්තාත්, රාජපක්ෂ නමත් එක්ක ඉතිහාසගත තරහක් තියෙනවා. එදා ඉඳන් රාජපක්ෂලාට විරුද්ධව වීඩියෝ නිකුත් කරනවා. චැනල් 4 මාධ්‍ය ආයතනයක් විදියට නෙවෙයි මම දකින්නේ වීඩියෝ නිෂ්පාදන ආයතනය විදියට” ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සිද්ධිය දේශපාලන අරමුණු සඳහා යොදා නොගත යුතු බවත්, සිද්ධිය දේශපාලනීකරණය කිරීම විමර්ශනවලට බාධාවක් වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *