චමුදිතගේ නිවසට පහරදීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා පොලිසියට කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා  හිටපු මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ්’ පුෂ්පිකා ද සිල්වා පිළියන්දල පොලිසියට කැඳවා තිබේ.

හෙට පෙරවරු 10.00ට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස පුෂ්පිකාට දන්වා තිබූ බව පොලිසිය සඳහන් කළේය.

සමරවික්‍රම මහතාගේ යූ ටියුබ් නාලිකාවේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකට ඇය සහභාගි වී සිටි නිසා ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව ඔවුහු පැවසූහ.

සමරවික්‍රම සමඟ ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගි වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරාගෙන් ද පොලිසිය මීට පෙර පැය හතරක දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මාධ්‍යවේදී චමුදිතගේ පිළියන්දල පිහිටි නිවසට පසුගිය පෙබරවාරි 14 වැනිදා ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *