චන්ද්‍රිකාත් බංගලාවෙන් ඉවත්වෙයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඉදිරි සති දෙක තුන ඇතුළතදී කොළඹ රජයේ බංගලාවෙන් ඉවත්වී නගරයේම කුලී නිවසක පදිංචියට යෑමට නියමිතය

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ දිනවල අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඒ කටයුතු  ප්‍රමාද වුණු බවද  හිටපු ජනාධිපතිවරියගේ ලේකම්වරයෙක් සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය.

එසේම  හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප  මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද  මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු  අහිමිවී  ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *