LK reports news sinhala

ගෝඨාභය හා අත එක්වන ගිවිසුම අත්සන් කෙරෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම මීට සුළු මොහොතකට පෙර අත්සන් කෙරිණි.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී අදාළ ගිවිසුම අත්සන් කෙරුණු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊට අත්සන් තැබීය. ශ්‍රීලනිප වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *