ගෝඨාට සහාය දෙන්න විජයදාසත් එක්වෙයි video

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් සහ විජයදාස රාජපක්ෂ මහතා එක්ව විශේෂ මාධ්‍ය හමුවක් අද(18)ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වමින් මේ බව පැවසීය.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන බව විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

කිසිවෙකු සමඟ දේශපාලන ප්‍රශ්නයක් තමාට නොමැති බව පවසා සිටි මන්ත්‍රීවරයා, තමා දේශපාලනයෙන් යැපෙන්නේ නැති බවද පැවසීය.
තමා දේශාපලනයෙන් ජීවත් නොවන බවත් තමාට පමණක් නොව රටේ සිටින සෑම පුද්ගලයෙකුගේම යුතුකම හා වගකීම වන්නේ, සියලු ප්‍රශ්නවලට පෙර රට ආරක්ෂා කර ගැනීම බවද කියා සිටියේය.
ඒ සඳහා මෙම ජනාධිපතිවරණයේ දී නිවැරදි තීරණය ගත යුතු බවත්, එයට ඇති එකම විකල්පය ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීම බවද පැවසු විජයදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව රට වටේම ගොස් ඡන්දය අවසන් වන තුරු පවසන බව ද පැවසීය.

LIVE: ශ්‍රී.ල.පො.පෙ නියෝජිතයින් සහ විජේදාස රාජපක්ෂ මහතා එක්ව පවත්වන විශේෂ මාධ්‍ය හමුව

Posted by Ada Derana LIVE on Thursday, 17 October 2019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *